මරදානේ ගබඩා දෙකකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 15000ක් සොයා ගැනේ

13

මරදාන සංඝරාජ මාවතේ ගබඩා දෙකක් තුළ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 15,000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද අත්අඩංගුවට ගත්තා.
ඒ අතර තිබී විදේශ රටවලට යවනු ලබන තේ ඇසුරුම් තොගයක්ද හමුවූ බව සඳහන්.
මේවා සකස් කළ පුද්ගලයෙකුද එහිදී අත්අඩංගුවට පත්වූ අතර, ඔහු 53 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සහ කසළ තේ තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කොටහේන පොලීසියට භාරදී තිබෙනවා.

Your Comments