මන්ත්‍රීවරුන් සිර වු විදුලි සෝපානයේ වාර්තාව අද පාර්ලිමේන්තු මහ ලේකම්ට

19

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විදුලි සෝපානයක් හදිසියේ අක්‍රීය වීම සම්බන්ධ වාර්තාව අද පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දීමට අපේක්ෂා කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

NEWS24 කළ විමසීමකදි ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන් පිරිසක් ගමන් කරමින් සිටියදි විදුලි සෝපානය හදිසියේ අක්‍රිය වීම කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොවන බවට තහවුරු වී ඇති බවයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින විදුලි සෝපාන සියල්ල ආවරණය වන පරිදි මෙම පරීක්ෂණය සිදුකළ බව ද වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානය අක්‍රියවීමෙන් සන්ධාන මන්ත්‍රිවරුන් 11 දෙනෙක් ද රංජිත් අලුවිහාරේ මන්ත්‍රීවරයා ද පසුගිය 07 වනදා විනාඩි 15ක පමණ කාලයක් ඒ තුළ සිරවී සිටියා.

විදුලි සෝපානය අක්‍රීය වූ අවස්ථාවේ එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
දිනේෂ් ගුණවර්ධන,
විමල් වීරවංශ,
බන්දුල ගුණවර්ධන,
දයාසිරි ජයසේකර,
චන්දිම වීරක්කොඩි,
සී.බී. රත්නායක,
ඩලස් අලහප්පෙරුම,
චන්ද්‍රසිරි ගජදීර,
ගාමිණී ලොකුගේ,
මහින්ද යාපා අබේවර්ධන,
රංජිත් සොයිසා,
නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ

සබැඳි පුවත්

“තව පොඩ්ඩෙන් හුස්ම ඩිංග නැතිවෙනවා” – සෝපානයේ සිරවුණු විමල්

Your Comments