මධූෂ් සමග ඩුබායිහී දී අත්අඩංගුවට ගත් තවත් පිරිසක් දිවයිනට

34

මාකඳුරේ මධූෂ්ගේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු පිටුවහල් කර තිබෙනවා.
ඔවුන් අද අලුයම 4යි 45ට දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.
ඒ යූ.එල්. 226 දරණ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන්.
සැකකරුවන් පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් ඔවුන්ව තම භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අද අලුයම දිවයිනට පැමිණි අය අතර මාකදුරේ මදූෂ්ගේ ඥාතී පුද්ගලයෙකු ද සිටින බව සදහන්.
මධුෂ් සමඟ ඩුබායි හි පැවැත්වූ සාදයේදී අත්අඩංගුවට ගත් පිරිස අතරින් මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

Your Comments