මධූෂ්ගේ සාදයේදී අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු පිටුවහල් කරයි – කටුනායකදී CID භාරයට

22

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ 31 දෙනා අතරින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා අද අළුයම 5.10පමණ කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ
පසුව ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තු ඒකක භාරයට ගෙන තිබෙනවා
පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් සමඟ පිරිසක් ඩුබායිහී ජුමෙයිරා මරීනා ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර එරට පොලිස් අත්අඩංගුවට පත්වුණා
ඒ කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ පානය කිරීම යන චෝදනාවට අදාළවයි.

Your Comments