මදුනාගල අභයභූමියේදී පතුරොම් තුවක්කුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

23

මදුනාගල අභයභූමියේ – කරඹගල් ආරවැව ආසන්නයේදී සතුන් දඩයමේ නිතරවී සිටියදි පතොරොම් තුවක්කුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පතොරොම් තුවක්කුව අතැතිව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සමඟ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ද මේ වන විට පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

Your Comments