මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් අවසන්

15

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් අවසන් වනවා. ‘මතින් තොර රටක්’ යන තේමා පාඨය යටතේ පසුගිය 23 වනදා සිට මෙම මත් ද්‍රව්‍ය සතිය ක්‍රියාවට නැංවුණා.
ඊට සමගාමීව පාසල් කේන්ද්‍ර කර ගනිමින් විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබුණේ.

බලපත්‍රලාභී සුරා බදු බල ප්‍රදේශ හැර අන් සියලු පෙදෙස් නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය මුක්ත කලාප බවට පත් කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මෙම වැඩපිළවෙළ ක්‍රියාත්මකයි.
මේ යටතේ සිය බල ප්‍රදේශවල විශේෂ වැටලීම් කටයුතු මෙන් ම මුර සංචාර සිදු කරන ලෙසයි සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
මීට අමතරව නීත්‍යනුකූල මත්පැන් බෙදා හැරීමේ හා විකිණීමේ කටයුතු විධිමත්ව සිදුවන්නේ ද යන්න පිළිබඳව ද නිරීක්ෂණය කෙරෙන අතර, බලපත්‍ර කොන්දේසි කඩ කරන පුද්ගලයින්ට නීතිමය පියවර ගනු ඇති.

Your Comments