බෝගස්වැවෙන් T56 උණ්ඩ තොගයක් හමුවෙයි

15

වවුනියාව බෝගස්වැව, වෙහෙරතැන්න මහවැලි ප්‍රාදේශිය කාර්යාලය අසල යකඩ පෙට්ටියක් තුළ අසුරා තිබූ ටි56 වර්ගයේ ජීව උණ්ඩ 750ක් ඊයේ (25) සොයාගත් බව වවුනියාව, බෝගස්වැව පොලිසිය පවසනවා.
ශ්‍රමදාන කටයුත්තක් සඳහා ප්‍රදේශවාසීන් මහවැලි ප්‍රාදේශිය කාර්යාලය අසල කැළෑ ප්‍රදේශය පවිත්‍ර කරමින් සිටියදී ජීව උණ්ඩ පිරවූ යකඩ පෙට්ටිය හමුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය සැක පළ කරන්නේ මෙම ජීවි උණ්ඩ තොගය පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි එල්.ටි.ටි.ඊ සමාජිකයින් විසින් රැගෙන එන්නට ඇති බවටයි.
සොයාගත් ජීව උණ්ඩ තොගය ආරක්ෂිතව බෝගස්වැව පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් බෝගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මාධව කුලසූරිය – වවුනියාව

Your Comments