බොරැල්ලේ ට්‍රෑෆික් OICට මරු කැඳවූ සිද්ධියේ ඩිෆෙන්ඩර් රථ රියදුරු රිමාන්ඩ්

16

බොරැල්ල – පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර, පළා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන මස 1 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ, සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නවිඳු ඔමේෂ් රත්නායක නැමති ඔහු ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙක්.
එහිදී ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කළ අතර, එදින රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් සැකකරු හඳුනා ගෙන තිබෙනවා.

Your Comments