‘බෙලෙක් සමන්’ ට වෙඩි (VIDEO)

24

කුලියාපිටිය – ඇපලදෙනිය මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් 31 හැවිරිදි ඇපලදෙනිය – ගොමුගමුව ප්‍රදේශයේ පදිංචි සමන් චන්දන හෙවත් ‘බෙලෙක් සමන්’ බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

(කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර)

'බෙලෙක් සමන්' ට වෙඩි

'බෙලෙක් සමන්' ට වෙඩි

Posted by News24 on Friday, July 26, 2019

 

Your Comments