බෙලිඅත්තේදී දුම්රියකට ගල් ගසයි

16

ගාල්ලේ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබු දුම්රියකට බෙලිඅත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ ඇදිරි නිතිය පවතින අවස්ථාවේදී මෙම ගල් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබු දුම්රිය රියදුරු රෝහල් ගත කළ බවයි නිවුස් 24 වාර්තාකරු සදහන් කළේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

Your Comments