බෙලිඅත්තේදී තරුණයෙකුට වෙඩි

9

බෙලිඅත්ත, මොරගහ හේන ප්‍රදේශය අසල මාර්ගයේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

අද අලුමය සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා බෙලිඅත්ත රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රථිකාර සඳහා මාතර රෝහල වෙත මාරු කර යැවුණා.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මොරගහහේන, මහ හීල්ල, බෙලිඅත්ත ලිපිනයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

තුවාලකරු තවත් පුද්ගලයෙකු සමඟ ඇති වු ඉඩම් ආරවුලක් මත මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවට පොලිසිය කළ විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

Your Comments