“බුදු දහම විසින් අනෙකුත් ආගම්වල සුරක්ෂිතභාවය සළසනු ඇති”

21

අනෙකුත් ආගම් සහ සංස්කෘතින් කෙරෙහි සහනශීලී පිළිවෙතක් අනුගමනය කිරීමටත් අන් මත ඉවසීමටත් මඟපෙන්වන බුදුදහම තරම් වෙනත් ආගම් කෙරෙහි උපේක්ෂා සහගතව ‍‍ගෞරවයෙන් බලන දර්ශණයක් නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ බුදු දහමේ ප්‍රමුළස්ථානය පවතින තුරු අනෙකුත් ආගම් වලට නිදහසේ කටයුතු කිරමේ අවස්ථාව සුරක්ෂිත කෙරෙනු ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසනවා.

එබැවින් බුදු දහමේ ප්‍රමුඛස්ථානය පිළිබඳව කිසිඳු විවාදයක් නොමැති බවත් බෞද්ධ දර්ශණය සෙවනේ ස්වකීය මතවාදයන් අනුගමනය කරමින් අනන්‍යතාවය රැකගෙන ජීවත්වීමට සෙසු ජාතීන්ට ගෞරවනීය අවස්ථාවක් ඇති නමුත් අන්තවාදය පැතිරවීමට හෝ ආගම ජාතියට මුවා වී රටේ පොදු නීතිය උල්ලංඝනය කිරීමට කිසිවෙකුට ඉඩදිය නොහැකි බවද හෙතෙම පෙන්වා දුන්නා.

එකම රටක් එකම ශ්‍රී ලාංකීය ජාතියක් එකම නීතියක් යටතේ ක්‍රියාත්මක වීම පැහැරහළ නොහැකි බවද කරු ජයසූරිය මහතා අවධාරණය කළා.

ලෝකයේ සිටින්නේ එකම මිනිස් ජාතියක් බව පෙන්වා දුන් බුදුන්වහන්සේගේ ධර්මය අදහන කිසිවෙකුට ජාතිවාදියෙකු හෝ ආගම්වාදියෙකු විය නොහැකි බවයි කරු ජයසූරිය මහතා සඳහා කළේ.

කථානායක කරු ජයසූරිය මහතා මෙම අදහස් පළකලේ වව්නියාව ඉරට්ට පෙරියකුලම් ගම්මානයේ ජනතාවට සිංගප්පූරුවේ මහා කරුණා පදනම විසින් පරිත්‍යාග කළ පරිගණක මධ්‍යස්ථානය සහ පුස්තකාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්.

සිංගප්පූරුවේ මහා කරුණා පදනමේ නිර්මාතෘ අලව්වේ ගුණරතන හිමියන්ගේ මගපෙන්වීමෙන් එම පදනමේ මූල්‍ය ආධාරයෙන් මෙම පුස්තකාලය සහ පරිගණක මධ්‍යස්ථානය ඉරට්ට පෙරියකුලම් ජනතාවට හිමි වුණා.

උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා…

” … අපේ රටේ ඈත ගම් දනව් වල දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල මූල්‍ය සම්පත් ප්‍රමාණයක් යොදවමින් සිගප්පූරුවේ මහා කරුණා පදනම ඉටුකරන සේවය ඔවුන් තුළ ඇති මානව දයාව ප්‍රකට කරනවා.
මහා කරුණා පදනම යන වචන කිහිපය ක්‍රියාවෙන්ම අරුත්ගන්වා තිබෙනවා.
බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට අලව්වේ ගුණරතන හිමිපාණන් වහන්සේ 90% කට ආසන්න ප්‍රමාණයක් ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතිකයන් වෙසෙන ප්‍රදේශයක මෙම කටයුතු සිදු කිරීම තුළ උන්වහන්සේ තුළ ඇති ජාතිවාදී නොවන පුළුල් දැක්ම පැහැදිළි වනවා.

සිංගප්පූරුව ජාතින් අතර සමගියේ හොඳ කැඩපතක්.

ඔවුන්ගේ ශීඝ්‍ර සංවර්ධනය පිටුපස මෙම සාමකාමී බවේ ශක්තිය තිබෙනවා.

සිංගප්පූරුවටත් වඩා නිදහස ලබන විට ඉදිරියෙන් සිටි අප රටට එවැනි ගමනක් පැමිණීමට නොහැකි වුණේ අසමගිය කම් නිසයි.

දශක තුනක යුද්ධයකට පසු විශාල බලාපොරොත්තු සහිතව සාමකාමී ගමනක් ආරම්භ කර තිබූ අපේ රට පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරය හේතුවෙන්.

යළිත් බලාබපාරොත්තු බිඳ වැටෙන තත්වයට පත් වුවත් අන්න්තවාදයට එරෙහිව නැඟුන සාමකාමී බහුතර ජනතාවගේ හඬ අන්තවාදයට ආයුෂ නැති බව පැහැදිළිව ඔප්පු කර තිබෙනවා.

සියළු අන්දමේ අන්තවාදයන් යටපත්කිරීම ශ්‍රී ලංකාවේ අනාගත නැගිටීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක්.
අනාගත පරපුරට වර්ථමාන ප්‍රශ්ණ ඉතිරි නොකර සමුගෙන යාමට රටේ සියළුම ජ්‍යෂ්ඨ නායකයන්ට වගකීමක් සහ බැඳීමක් තිබෙනවා….”

 

Your Comments