බුදුන්වහන්සේගේ යේසුස් වහන්සේගේ ජාතිය පිළිබදව නොදන්නා අයට සුජීව සේනසිංහ පැහැදිලි කරයි

26

බුදුරජාණන් වහන්සේගේ සහ යේසුස් වහන්සේගේ ජාතිය පිලිබදව ඇතැම් පිරිස් නොදන්නා බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කලා.
ඇතැම් පිරිස් නොදන්නා එම කරුණු පිලිබදව ඔහු මාතලේ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකදී මෙලෙස පැහැදිලි කර දෙනු ලැබුවා.

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදි රටේ භූමිය බෙදීමට හෝ ජාතික සමගිය විනාශ කිරීමට ඉදිරිපත්වන සියලු බලවේග පරාජය කිරීමට ජනතාව එකමුතු විය යුතු බව මහා සංඝරත්නය අවධාරණය කලා.
නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරගනිමින් වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට හැකියාවක් ඇති පුද්ගලයාට ඡන්දය භාවිත කරන ලෙසයි.
පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන්, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ අනුනාහිමියන්, මහාචාර්ය පූජ්‍ය කහපොල සුගතරතන අනුනාහිමියන්, ආචාර්ය පූජ්‍ය වල්පොල විමලඥාණ අනුනාහිමියන්, ඊට අදාළ නිවේදනය සඳහා අත්සන් තබා තිබෙනවා.
එමෙන්ම මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවාස හිමියන්, මහාචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර අනුනාහිමියන්, මහාචාර්ය පූජ්‍ය කිවුලේගෙදර නාරද හිමියන්, පූජ්‍ය ගංතුනේ අස්සජි හිමියන්, පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමියන්, පූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර හිමියන්, පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමියන් සහ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන්ද ඊට අත්සන් තබා තිබුණා.
එමඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය කාල පරිච්ඡේදයේ මෙරට පත්වූ අවාසනාවන්ත තත්ත්වය නිසා රටේ ස්වෛරී භාවය, භෞමික අඛන්ඩතාව හා ස්වාධීනත්වය මෙන්ම ජාතික ආරක්ෂාව අතිශයින් පිරිහී ඇති බවයි.
මිලියන ගණන් වංචා සිදුවූ මහ බැංකු කොල්ලයට මෙතෙක් කිසිදු වගකිව යුත්තෙක් නොමැති අතර, මිනිස් ජීවිත සිය ගණනක් විනාශ කළ බෝම්බ ප්‍රහාරයට දායකවූවන් තවමත් නිදැල්ලේ පසුවන බවද එමඟින් සඳහන් කර තිබෙනවා.

Your Comments