බුද්ධි ප්‍රධානීන්ගෙන් රහසිගතව සාක්ෂි විමසීමට තීරණය කෙරෙයි

20

එළැඹෙන 24 වැනිදා බුද්ධි අංශ ප්‍රධානීන්ගේ සාක්ෂි විමසීම රහසිගතව සිදුකිරීමට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

බුද්ධි අංශ ප්‍රධානීන්ගේ ඡායාරූපයක් හෝ ලබාගැනීමට කිසිවෙකුටත් අවස්ථාවක් ලබා නොදෙන බව ද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

බුද්ධි අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීම මගින් ඔවුන්ගේ අනන්‍යතාව හෙළිවීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බවටයි බෝහෝ පාර්ශව ප්‍රකාශ කළේ.

එළැඹෙන 24 වැනිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි රැස්වීමට නියමිත අතර, එදිනට රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන අය සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබෙනවා.

Your Comments