බීමතින් සිටි තරුණයෙකු වැවකට දමා ඝාතනය කළ තරුණයින් 16 දෙනෙකු අත්අඩංගුවට
කාංචන කුමාර - දඹුල්ල

86

දඹුල්ල කණ්ඩලම වැවේ ගිලී තරුණයකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම තරුණයා සමග වැව අසල මත්පැන් පානය කරමින් සිටි පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
බීමතින් සිටි එම තරුණයාව සෙසු තරුණයින් එක්ව කණ්ඩලම වැවට දමා ඇති බවට මේ වන විට අණාවරණ වී තිබෙනවා.
අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ උණවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.
මෙම සිද්ධිය වාර්තා නොකරන ලෙසට සැකකරුවන් විසින් මාධ්‍යවේදීන්ට පහර දීමට ද තැත් කර තිබූ බව සදහන්.
මරණය සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන ප්‍රිය රංජන කුමාර මහතා සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් පල කළා.

මම ආවා මගේ යාළුවෝ තුන් දෙනෙක් එක්ක නාන්න… ඒ ආවට පස්සේ මම දැක්ක මෙතැන… මත්පැන් පානය කළා… මං හිතන්නේ වන්දනාවේ ආපු කට්ටියක්… ඒ ඇවිල්ලා ඒ මනුස්සයා මත්පැන් වැඩියෙන් අරගෙන වගේ නිදාගෙන වගේ හිටියේ. ඒ ඉන්න ගමන් ඒගොල්ලෝ ඇවිල්ලා මෙයා නාන්නේ නෑනේ කියලා දැම්මා වතුරට. එයා වතුරට දාලා ඒ අනිත් අය ඈතට ගියා. පස්සේ මම දැක්කා ගොඩ ගන්නවා. ගොඩ ගන්න අවස්ථාවේදී බෙල්ල කැඩිලා සෙම වගේ දාගෙන ඇවිල්ලා තිබුණා. ගොඩ අරගෙන බලද්දි එයා මියගිහිල්ලා.

Your Comments