බීඩි කිලෝ 1000 ක් සමග පුද්ගලයින් 5 දෙනෙකු නාවුක හමුදා භාරයට

4

බීඩිකොළ කිලෝ ග්‍රෑම් 1, 050 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව විසින් තලෙයි මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදියි.

නාවුක හමුදාව සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරික්ෂණය කර ඇති අතර, එම ඩිංගි යාත්‍රා පරික්ෂා කිරීමකදී පාර්සල් 30 ක බහා තිබූ බීඩී කොළ තොගය සමඟ අදාළ සැකකරුවන් නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 19 ත් 44 ත් අතර වියෙහි පසුවන මන්නාරම, තාල්පාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

Your Comments