බිරිඳගේ පොළු පහරින් සැමියා මරුට

11

වාලච්චේන, කන්නගිපුරම් ප්‍රදේශයේදී කාන්තාවක් විසින් මුගුරකින් කළ පහරදීමකින් ඇයගේ සැමියා මිය ගොස් තිබෙනවා.
දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් ඔවුන්ගේ පුත්‍රයාට තියුණු ආයුධයකින් පරදීමට උත්සහ කර ඇති බවයි වාර්තා වුණේ.
එහිදී බිරිඳ විසින් සැමියාට මුගුරකින් පහරදි ඇති බව සදහන්.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙක්.
තුවාල ලැබූ ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයා ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.
පහරදීම සිදු කළ සැකකාර කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

Your Comments