බැසිල්, ගෝඨාභය ජනපති සටනට තවමත් නැහැ – මහින්දගෙන් ප්‍රකාශයක්

24

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිදු තිරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයාට සිය සහාය ලබාදෙන බවයි හෙතෙම කියා සිටියේ.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග විපක්ෂ නායක කාර්යාලයේදි අද පෙරවරුවේ පැවති හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කලා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට තමන් සමග ප්‍රකාශ කළ බවයි.
මේ අතර විල්පත්තු ජාතික වනෝද්‍යානය පමණක් නොව සිංහරාජ වනාන්තරයද මේ වනවිට විනාශ කරමින් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.
ඒ සම්බන්ධයෙන්ද ජනතාව දැනුවත් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Your Comments