බාල වයස්කාර පිරිමිදරුවන් නිරුවත් කර පහරදුන් සැකකරු රිමාන්ඩ්

33

ගලේවෙල නියන්නෝරුව ප්‍රදේශයේ දී පාසල් සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
උණ බට කැපීම සඳහා සැකකරුට අයත් ඉඩමකට ඇතුළු වු දරුවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් බවට ඔවුන්ගේ දෙමව්පියන් සිදුකළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
පහර කෑමට ලක් වු සිසුන් දෙදෙනා වයස අවුරුදු 12ත් 14ත් අතර වියේ පසුවන අතර ඔවුන් ගලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Your Comments