බාප්පාගේ තියුණු ආයුධ පහරින් පුතා රෝහලට දුව මරුට

43

කෝපායි, වසන්තපුරම්හිදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එකම පවුලේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

පහරකෑමෙන් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තුවාලකරුවන් අතරින් කාන්තාව අද(17) දහවල් 12.15ට පමණ මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ මෙම පහරදීම අද උදෑසන 10.30ට පමණ සිදුව ඇති බවයි.

පහරදීමෙන් මරණයට පත්ව ඇත්තේ වසන්තපුරම්, ඉරුපාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි බාලසිංහම් හරිද්‍රා නමැති 30 හැවිරිදි කාන්තාවකි.

පහරදීම සම්බන්ධයෙන් මරණකාරියගේ සහ තුවාලකරුගේ බාප්පා වන වයස අවුරුදු 61ක් පමණ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඉඩම් ආරවුලක් දුරදිගම යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ.

මියගිය කාන්තාවගේ මෘතදේහය යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

Your Comments