බස්නාහිර පැය 11ක මෙහෙයුමකින් සැකකරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට

13

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 93 යි මිලිග්‍රෑම් 7ක් සමග සැකකරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම 5 න් අවසන් වූ පැය 11ක කාලය තුලයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 44යි මිලිග්‍රෑම් 110ක් සහ ගංජා ග්‍රෑම් 380 ක් සමඟ සැකකරුවන් 93 අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඊයේ පස්වරු 6 සිට සිදුකළ මෙම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් ළඟ තබා ගැනීම, මෙන්ම වෙනත් වැරදි සම්බන්ධයෙන් ද සැකකරුවන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Your Comments