බදුල්ලේ පස් කන්දක් කඩා වැටී මාර්ගයක් අවහිර වෙයි

38

බදුල්ල, කලුගහකඳුර ප්‍රධාන මාර්ගයේ කළුගහකඳුර – මොරලන්ද මංසන්ධිය අසල දී පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් මාර්ගයේ මීටර් 40ක පමණ කොටසක් මුළුමනින්ම අවහිර වී ඇති බවයි NEWS24 වාර්තාකරු පවසන්නේ.

අද (14) උදෑසන 5.30 ට පමණ පස් කන්ද කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ ප්‍රවාහන කටයුතු ද ඇණහිටියා.

මාර්ගයේ සිට අඩි පන්සියයක් පමණ උසකින් යුතු මොරලන්ද කඳුවැටියේ අඩි 60ක පමණ ඉහළ සිට අඩි 40ක පමණ පළල කොටසක් නාය යෑමට ලක්ව තිබෙනවා.

ගැලවී ගිය ගල්කුට්ටි රැසකින්ද මාර්ගයය අවහිර වුණා.

වරින් වර එම ස්ථානයේ පස් කඩා වැටීම් සිදුව තිබෙනවා.

නාය යෑම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

මාර්ගය අවහිරවීමෙන් පිටමාරුව, කලුගහකඳුර ඇතුලු ගම්මාන රැසක ප්‍රවාහන සේවාවන්ද ඇණ හිට තිබෙනවා.

ප්‍රදේශයට දින දෙකක පමණ සිට මහ වැසි ඇද හැලෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Your Comments