බඩඉරිගු වගා නොකළ පොලොන්නරුවේ පිරිසක් ‘සේනා දළඹු හානි – වන්දි’ ලබා ගත් හැටි !

16

සේනා දළඹු වගා හානි වෙනුවෙන් තවමත් වන්දි මුදල් ලැබී නැතයි පවසමින් ගොවීන් පිරිසක් අද (13) දහවල් අරලගන්විල මල්දෙනිය මාර්ගයේ කකුලුවෙල ප්‍රදේශය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත් වුණා.

පොලොන්නරුව දිඹුලාගල කකුලුවෙල ගම්මුන් කියා සිටියේ 2018 මහා කන්නයේ බඩඉරිගු වගා කළ ගම්මානයේ පිරිසකට පමණක් වන්දි ලැබී ඇති බවයි.

ඊට විසදුම් ලබා දීමට ජනාධිපතිවරයා අවධානය යොමු කරනු ඇතයි විරෝධතාකරුවන් විශ්වාසය පළ කළා.

මේ අතර බඩඉරිගු වගා නොකරන ලදැයි පැවසෙන පුද්ගලයින් සඳහාද, ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමෙන් වන්දි මුදල් ලබා දී තිබෙන බවද විරෝධතා කරුවන් පවසා සිටියා.

ගොවීන් 71 දෙනෙකු සඳහා වන්දි මුදල් ලැබිය යුතු බවයි විරෝධතාවයේ නියැලුණු ගොවීන් සඳහන් කළේ.

(පොළොන්නරුව – රොෂාන් තුෂාර තෙන්නකෝන්)

 

Your Comments