පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය අද අනුරාධපුරයෙන් ඇරඹෙයි

20

පසුගිය ආණ්ඩු සමයේ එළඹීමට නියමිතව තිබූ එම් සී සී ගිවිසුම ඇතුළු අර්බුධවලින් රට මුදාගැනීම, පාර්ලිමේන්තු බලය තහවුරු කරගැනීමත් සමග සූක්ෂමව සිදුකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වන ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයින්ගේ ප්‍රතිඥාව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අනුරාධපුරයෙන් ආරම්භ වනවා.
මහ මැතිවරණයට තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට සහභාගිවීමට නියමිතයි.

Your Comments