පොසොන් පොහෝ දිනය අදයි – අනුරාධපුර පුද බිමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක්

36

අදට යෙදෙන පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව විශේෂ ආගමික වැඩසටහන් මේ වන විටත් පැවැත්වෙනවා.

NEWS24 වාර්තාකරුවන් පැවසුවේ බෙහෝ විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී පවතින බවයි.

අනුරාධපුර නගරයට මේ වනවිටත් අතිවිශාල සැදැහැවතුන් පිරිසක් පැමිණෙමින් සිටිනවා.

NEWS24 අනුරාධපුර වාර්තාකරු සඳහන් කළේ අටමස්ථානය සහ මිහින්තලා රජ මහ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙවරත් පොසොන් උත්සවය ආරම්භ වී ඇති බවයි.

අනුරධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා සඳහන් කළේ ලක්‍ෂ 12 ත්, 15 ත් අතර බැතිමතුන් පිරිසක් මෙවර එක් වනු ඇති බවට අපේක්‍ෂා කරන බවයි.

අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් විධිමත් ආරක්‍ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මක බවයි පොලිසීය සදහන් කරන්නේ.

මේ අතර, පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පොළොන්නරුව පුජා භූමිය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

පොසොන් පොහොය නිමිත්තෙන් පොළොන්නරුව පූජාභූමියට පැමිණෙන බැතිමතුන් සඳහා ද සියළු පහසුකම් සලසා ඇති බව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා කියා සිටියා.

මහනුවර ශ්‍රී දළඳා පරිශ්‍රයට ද මේ වනවිටත් නන්දෙසින් බැතිමතුන් පැමිණෙමින් සිටින බවයි NEWS24 වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළේ.

Your Comments