පොලීසියේ රාජකාරියට බාධා කළ එජාප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරිය සහ සොහොයුරිය අත්අඩංගුවට

8

පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධාකල වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සොහොයුරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්ත්‍රීවරියගේ තවත් සොයුරියක සහ පියාද මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කලේ.

වෙන්නප්පුව සීනෝර් හංදියේදී මාර්ග බාධක රාජකාරියේ යෙදීසිටි නිළධාරීන් පිරිසකගේ රාජකාරියට මොවුන් විසින් බාධා කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව වරෙන්තු ලැබ සිටින අනෙක් සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමටද විමර්ශන ක්‍රියාත්මකයි.

Your Comments