පොලීසියේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරිය අධිකරණයේ දී වැද සමාව ගනී

12

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන සේ හැසිරුණු වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය අධිකරණයේදී වැඳ සමාව ගනු ලැබුවා.
එලෙස රාජකාරියට බාධා කරනු ලැබුවේ ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කරමින් සිටි තරුණියක වෙන්නප්පුව ප්‍රදේශයේදී පොලිස් රථ වාහන අංශ නිලධාරීන් රදවා ගෙන ප්‍රශ්න කරමින් සිටියදීයි.
අදාළ මන්ත්‍රීවරිය එම තරුණියගේ සොහොයුරියයි.
මෙම නඩුව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සැකකාර මන්ත්‍රීවරිය හා ඇයගේ නැගණිය වරද පිළිගත් අතර සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරීන් හත් දෙනාට විවෘත අධිකරණයේදී වැඳ සමාව ගැනීමට ද ඔවුන් කටයුතු කළා.

Your Comments