පොලිසිය නොමඟ යවන පුද්ගලයින්ට නීතිය දැඩි වෙයි

37

කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට තිබු සැකකටයුතු පාර්සලයක් පිළිබද පොලීසිය පරික්ෂාවට ලක් කර තිබෙනවා.
ඊයේ සිදු කළ සෝදිසියෙන් පසුව අනාවරණය වුයේ එහි තිබී ඇත්තේ පාර්සල් කරන ලද කොන්ක්‍රීට් ගඩොලක් බවයි.
පොලීසිය නොමග යවන මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.
අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සෙවීමේ කටයුතු සීසීටීවී දර්ශන උපයෝගී කර ගනිමින් ආරම්භ කර තිබෙනවා.

Your Comments