පොලිසියට වෙඩි තැබූ කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට

51

පාතාල කල්ලි සාමාජික රංකොත් ජේඩිගේ සංජීව සම්පත් හෙවත් කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ගම්පහ – මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී.

ගම්පහ – මිරිස්වත්ත ප්‍රදේශයේ මාර්ග බාධකයක දී පොලිස් අණ නොතකා පලාගිය යතුරුපැදියක් අසළ රබර් කැළයකට ධාවනය කර තිබෙනවා.

එහි සැඟව සිට පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී පොලීසියේ ප්‍රති ප්‍රහාරයකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

වෙඩි හුවමාරුවේදී පොලිස් නිළ රථයට ද වෙඩි පහර 3ක් එල්ල වී ඇති බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළා.

කැටවලපිටියේ සම්පත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔහු ළඟ තිබී රිවෝල්වරයක් සහ රුපියල් 48,000ක මුදලක් පොලිස් භාරයට ගනු ලැබුවා.

කැටවලපිටියේ සම්පත් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු බවද සඳහන්.

Your Comments