පොලිසියට චීනයෙන් ජීප් රථ පරිත්‍යාගයක් (PHOTOs)

91

චීන රජය පොලිස් දෙපාර්තමේන්තුව වෙත ජීප් රථ 10ක් පරිත්‍යාග කර තිබෙනවා.

ඒවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදුන්නේ පසුගිය 08 වනදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී.

ඊට අදාළ ලියකියවිලි සහ යතුරු ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන්ග් ක්ෂුයැන් (Chang Xueyuan) මහතා විසින් ජනාධිපතිවරයා වෙත වෙත පිළිගැන්වූවා.

ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව පවරා ගැනීමෙන් අනතුරුව එහි පරිවර්තන රැසක් සිදු කර තිබෙනවා.

ඒ අතර සියලු පොලිස් ස්ථාන වෙත ජීප් රථයක් ලබාදීමට ගෙන ඇති පියවර යටතේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුව චීන රජය විසින් මෙම ජීප් රථ ප්‍රදානය කෙරුණා.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Your Comments