පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන රණවිරු ගුණසැමරුම අද කටුකුරුන්දේ දී

43

පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන රණවිරු ගුණසැමරුම් උත්සවය අද පැවැත්වෙනවා.

ඒ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන්.

කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී රණවිරු ගුණසැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු ගුණසැමරුම් උත්සවයට සමගාමීව මහනුවර ඓතිහාසික ශ්‍රි දළඳා මාලිගාව, කතරගම දේවාලය, අම්පාර රණවිරු ස්මාරකය සහ අනුරාධපුරය ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියසදී ප්‍රාදේශිය සැමරුම් උත්සව පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.

Your Comments