පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

12

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ඉල්ලීම පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අදාළ පත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි.
මීට පෙර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි සජීව මැදවත්ත මහතා පොලිස් සුබසාධන අංශයට මාරු කෙරුණා.

Your Comments