පොලිස් නිලධාරීයෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක්
ජයන්ත වීරසේකර - වැල්ලවාය

20

වැල්ලවාය පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසකට මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය කියා සිටියේ ඊයේ (11) රාත්‍රී මෙම පහරදීම සිදුව ඇති බවයි.

පුද්ගලයන් සිව්දෙනකු පමණ පොලු මුගුරු රැගෙන එක් වරම නිවසට පැමිණ නිවසේ ජනෙල් දොරවල් කඩා දමා පොලිස් නිලධාරීයාට නිවස තුලම බිම දමාගෙන පොලු මුගුරු වලින් පහර දී තිබෙනවා.

ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීයාට දැඩිලෙස තුවාල සිදු වී ඇති අතර ඔහු මේ වන විට බුත්තල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව බුත්තල පොලිසිය පවසනවා.

ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් විසින් නිවසේ තිබූ භාණ්ඩ රැසක් සහ ජනෙල් දොරවල් රැසක් කඩා විනාශ කර ඇති අතර සැකකරුවන් මේ වන විට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා බුත්තල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොණරාගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් හා නියෝග මත බුත්තල පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments