පොලිස්පති කට හඬ සාම්පල දෙයි

29

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට අද (14) රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන කුමන්ත්‍රණයට අදාලවයි.

ඒ අනුව කටහඬ සාම්පලයක් ලබා ගැනිම සඳහා පොලිස්පතිවරයා මෙලෙස සඳුදා පෙරවරුවේ රස පරික්ෂක දෙපාර්තමේනතුවට කැඳවා ඇති බව සදහන්.

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මෙම චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඬ තිබේ ද යන්න පරික්ෂා කිරීම සඳහායි ඔහුගෙන් මෙලෙස කටහඩ සාම්පලයක් ගැනීමට තීරණය කර ඇත්තේ.

රක්ෂිත බන්ධනගාර ගතව සිටින ත්‍රස්ත විමර්ෂණ අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී රස පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ හඬ සාම්පල ලබා දුන්නා.

අනතුරුව අනාවරණය වූයේ ලබා දී ඇති දුරකථන සංවාදවලට අනුව එම හඬ සාම්පල සමාන බවයි.

Your Comments