පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සම් ලබන 25 සළකා බැලෙයි

9

පාස්කු ඉරිදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් ගොනු කෙරුණු මූලික අයිතාවාසිකම් පෙත්සම් 12 ලබන 25 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින්.

පෙත්සම් සම්බන්ධ විරෝධතා ලබන 18 වන දා ගොනු කරන ලෙසයි විනිසුරු මඩුල්ල දන්වා සිටියේ.

ප්‍රති විරෝධතා ලබන 23 වන දා ගොනු කරන ලෙසත් දැනුම් දුන් බව සඳහන්.

අප්‍රේල් 21 වන දා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිවයි පෙත්සම් ගොනු කර ඇත්තේ.

පළමු හා දෙවන පෙත්සම්කරුවන් ලෙස නම් කර ඇති පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනයක් නොකරන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා සඳහන් කර තිබෙනවා.

සිසිරද අබෲ, බුවනෙක අළුවිහාරේ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් එහි සෙසු සාමාජිකයන්.

Your Comments