පොල් වගාව ට දළඹු උවදුරක් [PHOTOs]

44

දළඹු උවදුරක් හේතුවෙන් හලාවත ප්‍රදේශ කිහිපයක පොල් වගාව විනාශ වී යාමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ තත්වය හලාවත මානුවනගම, බංගදෙනිය මෙන්ම වෙහෙරකැළේ ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර ඇති බවයි වගාකරුවන් පවසන්නේ.

දළඹු උවදුර පොල් අක්කර සියයකට අධික ප්‍රමාණයක පැතිර ඇති අතර ඇතැම් ගස් මුළු මනින් විනාශ වී තිබේ.

ගොවීන් සඳහන් කළේ මෙම දළඹු විශේෂය පොල් කොලයේ යුෂ මුළු මනින් උරාබොන බවයි.

දළඹු උවදුර හේතුවෙන් පොල් කොලය දුඹුරු පැහැ ගැන්වී ඉක්මනින් දිරාපත් වන අතර පොල් ගසක සියලු අතුවලට මෙම තත්ත්වය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවයි ගොවීන් සඳහන් කළේ.

මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, රාත්‍රී කාලයට පොල් වගාවන් ආශ්‍රීතව ගිනි මැල ගැසීමට පොල් වගා කරුවනට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව මේ දිනවල එම ප්‍රදේශවල රාත්‍රියේ ගිනි මැල දක්නට ලැබෙන අතර පොල් වගා කරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම දළඹු උවදුරට ඉක්මන් ස්ථිර විසදුමක් ලබා දෙන ලෙසයි.

(ප්‍රසාද් පූර්ණමාල් – හලාවත)

 

Your Comments