පෙමට හරස්වූවාට එජාප මන්ත්‍රී හතරක් කපයි
ප්‍රසාද් පූර්ණමාල්

79

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් සිදුකල ප්‍රහාරයකින් ආරච්චිකට්ටුව කුම්බුට්ටුකුලිය ග්‍රාමයේ සිව් දෙනෙකු
තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ එකම පවුලේ මවක් දියණියන් දෙදෙනෙකු හා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය සිටි එම පවුලේම දරුවෙකි .
ඊයේ (07 ) රාත්‍රී නවයට පමණ මේ සිදුවීම සිදුව ඇති බවයි නිව්ස්24 වාර්තාකරු පවසන්නේ.
මිට හේතු වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් බිද වැටීම බවටද වාර්තා වනවා.
මේ ප්‍රහාරයට අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පැමිණ ඇත්තේ තියුණු ආයුධ කීපයක් අතැතිව බව මේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එහි සිටි කුවින්ටස් බොතේජු මහතා
පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා….
“තුවාල ලබලා තියෙන්නේ මගේ නෝනා දුවලා දෙන්නා හා මුනුපුරෙක්. මගේ දුවෙක් එක්ක මේ මන්ත්‍රීවරයා ප්‍රේම සම්බන්ධයක් තිබුණා. මගේ දුවට නිතරම
කරදර කරපු නිසා දුව මේ සම්බන්දෙ නැවැත්තුවා. ඒ නිසා මේ මන්ත්‍රීවරයා දුවට නිතරම තර්ජනය කරා . දේශපාලන බලය පාවිච්චි කරලා තමයි මේ සියලු වැඩ ඔහු කලේ .
අපිට ගෙවල් දුන්නේ ඒ මන්ත්‍රීවරයා කිව්වා. එහෙම කියල මගේ දුවට කිව්වා එයත් එක්ක දිගටම ඉන්න කියලා. දුව බැරිම තැන තමයි ගෙවල් අත හැරලා කොළඹට ගියේ.”
මේ පාර ආවේත් බඩු ටික අරගෙන දරුවන්ව ඉස්කෝලෙන් අයින් කරන් යන්නයි. ඒ අතරේ තමයි ඊයේ දවල් මන්ත්‍රීවරයා ගෙට පැනල ගේ ඇතුලේ තිබුණු පර්ස් දෙකකුයි
වටිනා ලියකියවිලි වගයකුයි. අයිඩෙන්ටි කාර්ඩ් දෙකකුයි අරන් ගිහින් තියෙන්නේ. ඒක ගැන ඇහුවම තමයි තර්ජනය කලේ පැයක් ඇතුලත කපනවා කියල. අන්තිමට ඒ දේ
වුණා. ආණ්ඩු බලය නැතුව මෙහෙම නම් බලය තිබුණා නම් කොහොම වෙයිද? අපි ඉල්ලන්නේ අපිට සාධාරණය කරන්න කියලයි. ඒ වගේම නිදහසේ ජිවත් වෙන්න ඉඩ දෙන්න
කියලයි.
මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවන් දෙදෙනෙකු සැත්කම් වලට භාජනය කර තිබෙනවා.
හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබන මේ පවුලේ මව වන වසන්ති ධම්මිකා මහත්මිය මෙලෙස පැවසුවාය.
“අපිට කවදාවත් ඉන්න ස්ථිර තැනක් තිබුනේ නැහැ. ගිය ආණ්ඩුවෙන් තමයි මේ ඉන්න තැන ලැබුනේ. හැබැයි එදා ඉදලා මේ යූ.එන්.පී. මන්ත්‍රීවරයාගෙන් අපිට කරදර තිබුණා. ඔහු මගේ දුවට නිතරම තර්ජනය කළා සම්බන්දෙ නතර කලොත් කපනවා කියලා. අපි මේ පිලිබදව පොලිසිවලටත් පැමිණිලි කරලා තිබුණා. පැරදිලා ඉද්දි මෙහෙම නම් ආණ්ඩු බලයක් අවොත් කොහොමද? මම ඉල්ලන්නේ අපිට නිදහසේ ඉන්න වටපිටාවක් සකස් කරලා දෙන්න කියලයි. මේ මන්ත්‍රීවරයා දන්නවා අපි අනිත් පැත්තට සහයෝගය දක්වනවා කියලා. ඒ ගැනත් නිතරම තර්ජන තිබුණා. දැන් මොහු පැනලා ගිහින් කියලා කියනවා. අපි අපේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ අපිට ආරක්ෂාවත් දෙන්න කියලයි.”
මේ පිලිබදව හලාවත පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර (07 ) රාත්‍රියේම විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මන්ත්‍රීවරයා සොයා මෙහෙයුමක්ද
කර ඇත. එහෙත් මේ ප්‍රහාරය සිදුකල වහාම මන්ත්‍රීවරයා ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බව වාර්තා වේ.

 

Your Comments