පූඬළුඔයෙන් මතු වූ අවි ආයුධ තොගය [PHOTOs]

26

ජීව උණ්ඩ සහ ආයුධ හා උපකරණ රැසක් සමග සැකකරුවකු පූඬළුඔය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන
තිබෙනවා.

පොලිසිය පැවසුවේ කරගහහැටතැන්න ප්‍රදේශයේ පදිංචි සැකකරු වසර 06කට පමණ පෙර යුධ හමුදා සේවයෙන් ඉවත්වු අයෙක් බවයි.

පොලිස් රහස් තොරතුරු අංශයට ලද තෙරතුරකට අනුව ඊයේ (03) රාත්‍රියේ පූඬළුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.ඒ.ඩබ්ලිව්. රංජණ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් සැකකරුගේ නිවස වටලා තිබෙනවා.

එම පරික්ෂාවේ දී T 56 ජීව උණ්ඩ 31ක්, 2.2 වර්ගයේ පිස්තොලයකට භාවිතා කරන හිස් කොපු 6ක්, 2.7 වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණුඩ 2ක්, M.P.M.G වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරන ජීව උණ්ඩ 2ක්, මෙරට නිෂ්පාදනය කළ ගිනි අවියක්, සන්නිවේදන උපකරණයක්, උල් පිහියක් හා කේරළ ගංජා ග්‍රෑම් 13ක් සහ වෙඩි තැබීමට ඉලක්කය පුහුණුව සඳහා භාවිතා කරන මිනිස් අනුරුවක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරු 04 (අද) හෙල්බොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක / G.K. ක්‍රිෂාණ්තන්)

Your Comments