පූජිත් සහ හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

21

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ලබන 5 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාපරාධී නොසැලකිල්ල සහ ප්‍රහාරයේ හානිය අවම කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.
එහිදී ඇප ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ මෝසම විභාගයට නොගත් බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු පැවසුවේ.
එය ලබන 5 වන දා සලකා බැලීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇති බව සඳහන්.

Your Comments