පුදුකුඩිඉරිප්පුවෙන් කොටි ඇදුම් ඇතුළු උපකරණ තොගයක් සොයාගැනේ

6

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරනපලෙයි ප්‍රදේශයේදී එල්.ටි.ටි.ඊ ඇදුම්, ප්‍රභාකරන්ගේ ජායාරූප, එල්.ටි.ටි.ඊ ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පට ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.
ඉරනපලෙයි කිතුණු දේවස්ථානයේ තාප්පය ඉදිකිරීම සඳහා කම්කරුවන් විසින් කාණුවක් හැරීමේදී හමුවූ බහාලුමක එම ඇදුම් සහ උපකරණ තිබී ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානයේ තවදුරටත් කැනීම් සිදුකිරීමට නියමිත බව සඳහන්.

Your Comments