පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

8

පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 15 වනදා හංවැල්ල ඇඹුල්ගම හංදියේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතන කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුද ඒ අතර වන බවයි පොලීසිය සදහන් කළේ.
ඔහු වයස අවුරුදු 26 ක් වු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අපරාධය සිදුකිරීමට යොදාගත් ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක්ද සොයා ගත් බවයි පොලීසිය කියා සිටියේ.
මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේදී පසුගිය දෙවනදා සිදුවු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකුද ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Your Comments