පුත්තලමේ සෝදිසියකින් නීති විරෝධී දුම්වැටි 400ක් සොයා ගැනේ

24

පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධි සිගරට් 400 ක් සොයා ගෙන ඇත.
පොලීසිය හා යුධ හමුදාව එක්ව (22) දහවල් පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධි සිගරට් 400ක් සොයා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.
අදාල සිගරට් තොගය නීති විරෝධි ආකාරයෙන් විදේශීය රටක සිට රැගෙන විත් ඇති බවත් අළෙවි කිරීම සඳහා සඟවා තිබියදී සැකකරුවකුද සමඟ අත් අඩංගුවට ගත් බවත් වාර්තා වෙයි.
පුත්තලම 143 බළ සේනාවේ නිලධාරීන් හා සෙබළුන් 100කට වැඩි පිරිසක් සමඟ පුත්තලම මුලස්ථාන පොලීසියේ නිලධාරින් විශාල පිරිසක්ද මේ සෝදිසි මෙහෙයුමට එක්ව ඇත.

Your Comments