පියාගේ මුගුරු පහරින් පුතා මරුට

19

බලංගොඩ – උඩුමුල්ල ප්‍රදේශයේ නිවසක දී බීමත්ව සිටි පියෙකු මුගුරකින් එල්ල කළ පහර දීමකින් ඔහුගේ පුත්‍රයා මිය ගොස් තිබෙනවා.
තුවාල ලැබූ පුත්‍රයා ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි අයෙක්.
39 හැවිරිදි සැකකරු මේ වන විට එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Your Comments