පාස්කු ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වැඩ අරඹයි

20

අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වුනා.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍යයට ආවරණය කිරීමට සඳහා විවෘත වන පළමු අවස්ථාව ද මෙයයි.
2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 22 වන දින පත් කෙරුණා.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි චෝදනා පිළිබඳව ද මෙම කාරක සභාවට තොරතුරු ලබා දිය හැකියි.
නියෝජ්‍ය කථානායක, ආනන්ද කුමාරසිරි මහතා යි මෙහි සභාපතීත්වය දරනු ලබන්නේ.
සිදුවීම සම්බන්ධයෙන් මහජනතාවට ද තොරතුරු මෙම කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා තිබෙනවා.
මේ සඳහා යොමු කෙරෙන ලිඛිත තොරතුරු නියෝජන කාරක සභාවේ ලේකම්වරයා වෙත ලබන 07 වනදා හෝ ඊට පෙර යොමු කළ හැකියි.
කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා අස් වීමත් සමඟ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පත් කෙරුණා.
ඊට අමතරව විශේෂ කාරක සභාව සඳහා අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ රවී කරුණානායක මෙන්ම ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා , මහාචාර්ය ආශූ මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන් ඇතුලත්.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබද පැහැදිලි කරන එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යය ආශු මාරසිංහ මහතා.

Your Comments