‘පාස්කු ප්‍රහාරය ගැන සොයන’ කාරක සභාව 18 යළි රැස්වෙයි

10

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන 18 වැනිදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් එදිනට සාක්ෂි විමසීම සිදුකරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.

ඊයේ දිනයේදී තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්.

Your Comments