පාස්කු ප්‍රහාරය ගැන කරුණු කියන්න ජනපති කොමිසමෙන් ජනතාවට ආරාධනයක්

51

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පංච පුද්ගල ජනාධිපති කොමිසම වෙත තොරතුරු දීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.

එවැනි සියලුම ඉදිරිපත්කිරීම් ලබන මස 14 වනදින හෝ ඊට පෙර ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව, පළමු මහල , බ්ලොක් අංක 5, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ 7යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එම තොරතුරු ලබා දිය හැකියි.

කොමිසමේ කටයුතු ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මහජනතාවගෙන් කරුණු ලබාගැනීම සිදුකරන අතර එහිදී ඉදිරිපත්වන තොරතුරු අධ්‍යනය කර ඉදිරි පියවර ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් කොමිසම රැස්වන දිනයක් පිළිබඳ මෙතෙක් තීරණය කර නැහැ.

පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් මාලාව පිළිබඳ විමර්ශණයට පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ පසුගිය 21 වනදායි.

Your Comments