පාස්කු ප්‍රහාරයට සැක 293ක් අත්අඩංගුවට

10

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් 293දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එලෙස අත්අඩංගුවට ගත් පිරිසෙන් 115 දෙනෙක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුලු‍ දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයන් 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු රොෂාන් නමැත්තා සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

Your Comments