පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව බදාදා යළි රැස්වෙයි

15

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අනිද්දා පස්වරු දෙකට යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

එදිනට ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කමිටුව හමුවට කැඳවා ඇති බවයි කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ.

දයාසිරි ජයසේකර මහතා එදිනට ද කමිටුව හමුවට නොපැමිණිය හොත් ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Your Comments