පාලමේ අලුත්ම උණ්ඩ තොගයක් – සෝදිසි මෙහෙයුම වීඩියෝ කළ ‘තවුහිද් ජමාද්’ අයෙකු අල්ලයි (PHOTOs)

1836

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගරයට නුදුරින් කිරිඳිඔය පාලම අසල සහ කිරිදිඔයේ තිබී ටී පනස් හය උණ්ඩ තොගයක් හමුවී තිබෙනවා.

යුද හමුදාව වෙත ලැබුණු තොරතුරක් අනුව උණ්ඩ තොගය සොයාගෙන ඇති අතර කිසියම් පුද්ගලයකු විසින් උණ්ඩ තොගය කිරිඳිඔයට විසිකර ඇති බවට පොලිසිය සැක කරනවා.

යුද හමුදා නිලධාරීන් සහ පොලිසිය එක්ව කිරිඳිඔයේ තවත් උණ්ඩ තිබේද යන්න සොයා මෙහෙයුමක් ආරම්භ කළා.

මේ වන විට ටී පනස් හය ජීව උණ්ඩ දහ අටක් සොයාගෙන තිබෙනවා.

එම උණ්ඩ අලුත්ම උණ්ඩ තොගයක් බවයි යුද හමුදාව පවසන්නේ.

කිරිඳිඔය පාලම අසල මෙහෙයුම සිදු කරන ආකාරය වීඩීයෝ ගත කළ දෙමළ තරුණයෙකුගේ සැක සහිත හැසිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැණුනා.

ඔහුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරිමේ දී එහි තිබී තවුහිද් ජමාද් සංවිධානයේ ජායාරූප කිහිපයක් ද හමුව තිබෙනවා.

සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි විසි හතර හැවිරිදි අයෙක්.

සැකකරු වැල්ලවාය පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර වැල්ලවාය මොණරාගල මාර්ගයේ ආනපල්ලම ප්‍රදේශයේ මාර්ගයක් අසල දමා ගොස් තිබූ යුද හමුදා නිල ඇඳුමක්ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගත්තා.

( වැල්ලවාය – ජයන්ත වීරසේකර)

   8

Your Comments