පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ CIDයට පැමිණෙයි

61

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළ පරික්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා සිදු කළ ප්‍රකාශයට අනුව විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ සහ ශෂී වීරවංශ යන අයගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස අධිකරණය පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය 23 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ තිබෙනවා.
ඒ, අධිකරණයට අපහාස කළා යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව සඳහා සහභාගී වීම සඳහායි.
අධිකරණ විනිසුරුවන්, නීතීඥවරුන් බොහෝ පිරිසක් දුෂිත යැයි සඳහන් කරමින් ඔහු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇති බව පවසමින් ඔහුට විරුද්ධව මෙලෙස නඩු පවරා තිබෙනවා.

Your Comments